රන්ජන්ට ලැබුණු තීන්දුව ගැන නීතිඥවරුන් සමග සාකච්ඡා කරනවා

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව එල්ල වූ චෝදනාවට වැරදිකරු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලැබුණු නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිවේදීන් සමග සාකච්ඡා කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

නීතිඥයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගතහැකි ඉදිරි පියවර පිළිබඳව සලකා බලන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

අධිකරණයට අපහාස කළ බවට රන්ජන් රාමනායක මහතාට එල්ල වූ චෝදනාවලට වැරදිකරු කරමින් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com