ජනාධිපතිවරයාට නන්දසේන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කතා කිරීම වන අතර එම නම දැම්මේ හරීන් හෝ වෙන කවුරුවත් නොව ගෝඨාභය රාජපපක්ෂ මහතාගේ මව්පියන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහතාටද මහින්ද පර්සි රාජපක්ෂ ලෙස කතා කළ අතර ඇතැමුන් පර්සි රාජපක්ෂ ලෙස ද හැදින්වූ මුත් මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳව වචනයක් හෝ කතා නොකළ බවද මන්ත්‍රීවරයා පවසන ලදී.
රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
‘අපි දන්නවා එයාට චරිතය දෙකක් තියෙනවා කියල. සිංහල සිනමාවේත් තියෙනවා ඩබල් ඇක්ටින්. මට මතකයි සුනීතා කියන චිත්‍රපටියේ අශෝක පොන්නම්පෙරුම තෝමස් කියල පල් හොරෙක් විදිහට රඟපානවා. ඒ පල් හොරාව අල්ලන්න එනවා පොලිස් පරීක්ෂකවරයෙක්. ඒ පොලිස් පරීක්ෂකට ඉන්නෙත් අශෝක පොන්නම්පෙරුම. මේ චරිත දෙකම රඟපානවා එකට.ඔබතුමත් ඒ ජාතියේ කියල දන්නවා. මොකද මේ ජනාධිපතිකමට අපු එක්කෙනා නෙවෙයි දැන් ජනාධිපති පුටුඉවේ ඉන්නේ කියල අපි දන්නවා. එක පුද්ගලයයි ඩබල් ඇක්ටින්.”
ජනාධිපති ලෙස පත් වුණේ වීර චරිතයෙන් වන අතර දැන් ද්‍රෝහී චරිතය රඟපාමින් සිටින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ