පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05ක් නිදොස් කොට නිදහස් කිරීමට මඩකළපුව මහාධිකරණය නියෝග කලා.
ඔහුට විරුද්ධව අධිකරණයේ ගොනුකර තිබූ නඩුව ඉවත්කරගන්නා බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් පසුගිය 11 වනදා මෙම නඩුව කැදවු අවස්ථාවේ නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ එය ඉදිරියටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.
2005 වසරේදී මඩකලපුව ශුද්ධවු මරියා දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ