බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි පුද්ගලයෙකුට බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිළිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේදී මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර තවදුරටත් සඳහන් කළේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්