භාෂණයේ නිදහස සුරැකීම සඳහා රටේ සියලු දෙනා එක්විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා.
ආණ්ඩුව විසින් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවා භාෂණයේ නිදහසට වැටකඩොළු දමමින් සිටින බව පවසන එම පක්ෂය අද (13) කොළඹ නිදහස් චතුරස්‍රය අසල විරෝධතාවයක නිරත විය.
එහිදි අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
”හරීන් ප්‍රනාන්දු මහතා ස්වකිය අයිතිය භාවිතා කරමින් එතුමාගේ අදහස් ඉදිරිපත් කළා. ඒ අදහස් මහජන නියෝජිතයෙක් ලෙස ඉදිරිපත් කළ අදහස්. මේ රටේ සිවිල් පුරවැසියෙක් ලෙස ඉදිරිපත් කළ අදහස්. මොන යම් හෝ ආකරයකට එම අදහස්වලට තර්ජන,ගර්ජන එල්ල වෙනවාද තහංචි එල්ල වෙනවාද ඒ අදහස්වලට විරුද්ධව යම් යම් ප්රකෝපකාරී ක්‍රියාදාමයක් සිදුවෙනවාද එය අපි තරයේ හෙළා දකිනවා.”
මහජන නියෝජිතයින්ට පමණක් නොව පුරවැසියන්ගේත් කතා කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් සමඟි ජන බලවේගය නිරන්තරයෙන් අරගල කරන අතර එම අයිතිය ආරක්ෂා කරගැනීමට දිවිහිමියෙන් කැපවෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.
මේ මොහොතේ එක පැත්තකින් හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයක් සහ බලවේගයක් ලෙස ඔහුගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට එකට එක්ව කටයුතු කරන අතර ඔහුට යම් කිසි මිලේච්ජ ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය සලකන්නේ පෞද්ගලිකව එල්ල වූ ප්‍රහාරයක් ලෙස බවද ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.
”හරීන් ප්‍රනාන්දු කියන්නේ අපේ ප්රගතිශීලි නුතන පරම්පරාවේ පෙරගමන්කරුවෙක්. අනාගත නායකයෙක්. එතුමාට මොනයම් හෝ ආකාරයකින් හානියක් සිද්ධ වෙනවා නම් මේ වර්තමාන ජනාධිපතිතුමාත් රජයත් එයට වගකියන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලිමක් කරනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ආරක්ෂාව වැඩිකරන්න කටයුතු කරන්න කියල.”
මේ අතර විවිධ ප්රතිපක්ෂ සාමාජිකයින් මෙම කාරණය විහිළුවකට ගෙන තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ