බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
ඊයේ (16) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මගින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබාදෙන බව සදහන්.
අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ පවුල් ඒකක වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි මෙමගින් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මහබැංකු ප‍්‍රධානීන් හමුවේ කියා සිටියා.
ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර ඇතත්, ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මේ අතර මෙම හමුවෙන් පසුව ඊයේ රාත්‍රියේද මහ බැංකු සේවකයින් රාජකාරියේ නිරත වන බවට අනුමාන කරමින්, එහි විදුලි බුබුළු දල්වා සිටින ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ