ට්‍රම්ප්ගේ YouTube නාලිකාවට තහනමක්

ප්‍රණ්ඩත්වය උසිගැන්වීම පිළිබඳව YouTube ප්‍රතිපත්ති උල්ලංඝණනය කිරීම සම්බන්ධයෙන් YouTube විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නාලිකාවට තහනමක් පනවා තිබෙනවා.

ට්‍රම්ප්ගේ නව වීඩියෝවක් YouTube ඉවත් කර ඇති අතර ඉදිරි දින හත සඳහා ඔහුගේ Video නාළිකාවට පල කිරීම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තහනම් කාලය තුළ ට්‍රම්ප් හට සිය යුටියුබ් නාලිකාව තුළ කිසිදු ආකාරයේ වීඩියෝවක් උඩුගත කර නොහැකි වන අතර කිසිදු වැඩසටහනක් සජීවිව විකාශය කිරීමට නොහැකි වනු ඇත.

ස්‍රපුසිද්ධ සමාජ මාධ්‍ය ජාල දෙකක් වූ ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය විසින් ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයාගේ ගිනුම් දෙකම අත්හිටුවා ඇති අවස්ථාව යුටියුබ් සමාජ ජාලය විසින් ජනාධිපතිවරයා හට තමන්ගේ ප්‍රකාශයන් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබු අතර දැන් එම අවස්ථාවද අහිමිව තිබේ.

ට්‍රම්ප් විසින් තේරීපත් වූ නව ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් හට තර්ජනය කරමින් කළ කතාවෙන් පැය කිහිපයකට පසුව මෙලෙස ඔහුගේ යුටියුබ් සමාජ ජාල ගිනුමද අත්හිටුවා තිබීම විශේෂත්වයකි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com