පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බව මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඔහුට ජන්දය දුන් බහුතර ජනතාවකගේ කනස්සල්ලට හේතු වී තිබෙන බවයි රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීම සිදුකළේ පාර්ලිමේන්තුවේ දී වන හෙයින් එයට ප්‍රතිචාර දැක්වීම පාර්ලිමේන්තුවේදී සිදුවිය යුතුත්තක් බවයි ඔහු සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.
එහෙත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය හරහා සිදුව ඇත්තේ තර්ජනයක් කිරීමක් සහ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවද හෙතෙම පවසයි.
මේ අතර එය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සම්මතයන්හි හදවතට පහරදීමක් බවද රංගේ බණ්ඩාර මහතා අවධාරණය කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ