කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා එක් කතාවකුත් විෂය භාර ඇමතිතුමා තව කතාවකුත් කියමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
”ජනාධිපතිතුමා කියනවා දෙන්නෙම නැහැ කියල. ඇමතිතුමා කියනවා 49%ක් එක්තරා පෞද්ගලික විදෙස් ආයතනයකට ලබාදෙනවා කියල. ජනාධිපතිතුමා එක කතාවකුයි ඇමතිතුමා තව කතාවකුයි කියන්නයි ඒත් එක්කම 99% බද්දට දුන්න හම්බන්තොට වරාය වැරදියි කියන්නත් එතන ගිහින් උද්ඝෝෂණ කරන්නත් එතන ගිහින් ගල්මුල් ගහන්නත් අත්සන් කරපු ගිවිසුම ඉරල කෑලිවලට විසික්කරලා නැවත වතාවක් හම්බතොට වරාය ලංකාවට පවරගන්නවා කියන්නත් මේ දේවල් දවල් මිගෙල් රෑ දනියෙල් කතන්දර.”
ඒ අනුව මෙම වරාය සම්බන්ධ කාරණයේදී රටට නිවැරදි තීන්දුව ප්‍රකාශ කරන ලෙස මන්ත්‍රීවරයා සඳහන් කළේය.
”හැමදාම බොරුවෙන් ජීවත්වෙන්න බැහැ. මේ රජය ෆේල් වෙන්න හේතු වෙලා තියෙන්නේ බලයට ආවෙත් බොරු කියල බලයේ ඉන්නෙත් බොරු කියල. ඒකයි කාරණය” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ