2010 – 2014 කාල සීමාවේ දී වෙළඳ අමාත්‍යවරයාව සිටිය දී සතොස සේවකයින් පිරිසක් සිය නිල රාජකාරිවලින් බැහැරව වෙනත් සේවාවන්වල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරන ලද නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය ජනවාරි 15 වන දින නිගමනය කර තිබෙනවා.
අදාළ නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විරෝධතා පෙත්සමක් ගොනු කර තිබුණ ද එය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කර තිබුණා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කොළඹ මහාධිකරණයේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන තිබූ අතර අදාළ පෙත්සම විභාගයට ගත් විනිසුරුවරයා පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී තීන්දු කළේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ ඇති ආකාරය නීතියට පටහැනි බවයි.
ඒ අනුව, ඔහු නඩු කටයුතුවලින් මුදා හරින ලෙසටත් මෙම තීන්දුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලෙසටත් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝග කළා.
සතොස සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් පසුගිය රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබුණි.
More Stories
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්