යුරෝපා සංගමයේ මේ මස අගදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමක දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වෙනත් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.
දෙපාර්ශවයේම ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පෙබරවාරි මාසයේ ආරම්භ වන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට පෙර පැවැත්වීමට නියමිතයි.
යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පැවැත්වෙන්නේ කොරෝනා වෛරසයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බවයි යුරෝපා සංගම් ආරංචි මාර්ග සඳහන් කළේ.
යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය පිළිබඳ සිදුවීමට යුරෝපා සංගමය කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසියේ දී වසර දෙකක කාලය තුළ ඉටු කිරීමට ශ්‍රී ලංකාව එකග වූ කරුණු සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ වෙනත් පාර්ශවයන් විසින් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට බොහෝ දුරට හැකියාවක් පවතිනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් වත්මන් රජය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ යෝජනාවෙන් තමන් ඉවත්ව ඇති බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ