සබ්මැරීනයක සිට එල්ල කළ හැකි අධිබල බැලැස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් නිෂ්පානය කර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ එය ‘ලොව වඩාත් බලවත් අවිය’ බවයි.උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පෙළපාලියකදී මිසයිලය පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා.
අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් සිටින ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී උතුරු කොරියානුවන් සිය හමුදා ශක්තිය පිළිබිඹු කිරීමට මෙම මිසයිලය ප්‍රදර්ශන කර ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවසන්නේ.
පසුගිය දා පැවති දුර්ලභ දේශපාලන රැස්වීමකදී උතුරු කොරියානු නායකයා සඳහන් කර තිබුනේ අමෙරිකාව තම රටෙහි ‘ලොකුම සතුරා’ බවයි.න්‍යෂ්ටික අවි සහ හමුදා ශක්තිය පුළුල් කරන බවට නායකයා එහිදී ප්‍රතිඥා දී තිබුනා.
ගොඩබිම හෝ සාගරයේ දී ක්‍රියාත්මක කළ හැකි දිගු දුර බැලස්ටික් මිසයිල සහ “සුපිරි විශාල අවි” ඇතුළු අපේක්ෂිත ආයුධ ලැයිස්තුවක් ද එම හමුවේදී උතුරු කොරියානු නායක කිම් ජොං උන් විසින් ප්‍රසිද්ධ කල බවටයි මාධ්‍ය වාර්තා කළේ.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය