බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ නගර සභා පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව හේතුවෙන්.
නගර සභා සභාපතිවරුන් දෙදෙනාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විභාග කොට මාස තුනක් ඇතුළත තමන් වෙත වාර්තා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රොහාන් අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ