කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිරීමට වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව ගෙනය උත්සාහය පරාජය කර එම ජැටියේ 100%ක අයිතිය වාරාය අධිකාරිය සතු කිරීම සඳහා දියත්කර ඇති විරෝධතා ක්‍රියාමාර්ගයක් ලෙස අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම අද (16) දෙහිවල, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන කාර්යාලයේදී ආරම්භ වන ලදී.
ඊට අමතරව ජනතා දේපළ විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයට එරෙහිව ජනාධිපති ගෝටාබය රාජපක්ෂට කෙටිපණිවිඩ (SMS) මගින් දැනුමත් කිරීමේ ක්‍රියාමාර්ගයක්ද ජනතාවට හඳුන්වා දීමට කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩල සාමාජික නීතීඥ ජානක අධිකාරී ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ