මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 ක්. ඊයේ (16) තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතරින් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්.
ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුවකොවිඩ් ආසාදනය වූ මෙරට සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 899 ක්.
ඒ අතරින් තවත් 28 දෙනෙකු සුවය ලැබීමත් සමඟ නාවික සාමාජිකයින් 740 දෙනෙකු අදවනවිට පූර්ණ සුවය ලබා සිටියි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයින් 159 දෙනෙකු පමණයි.
නාවික හමුදා සාමාජිකයන්ට අමතරව අද වාර්තා වූ සෙසු ආසාදිතයින් සිව්දෙනාම උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ඊයේ මෙරටට පැමිණි ඉරාන ජාතිකයන්.
ඉරානයේ සිට කාර්මික ශිල්පින් 85 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණි අතර එම සියල්ලන්ගේම PCR පරීක්ෂණ ගුවන් තොටුපොළේදී සිදු කොට ඔවුන් නිරෝධායනයට යොමු කෙරුණාත
ඔවුන් උමා ඔය ව්‍යාපෘති භූමියට යොමු කෙරෙන්නේ නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු තවත් PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුවයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව