ඉදිරි සති දෙක තුළ බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ ආනයනික පාම් ඔයිල් ලීටරයකට රුපියල් 250 ක තීරු බද්දක් පැනවීමට රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.
එමෙන්ම ආනයනය කරන මාජරින්වලට ද රුපියල් 400 ක ආනයන බද්දක් පනවා ඇති බව ඔහු පෙන්වා දෙනවා.
පාම් ඔයිල් සඳහා ඉහළ දැමූ තීරුබද්ද පැවති මට්ටමට ගෙන එන ලෙස තම සංගමය අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද විසදුමක් නොලැබුන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සමගය පවසන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ