කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව යුගයක් එළඹෙනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. විදේශ ආයෝජන යනු රට පාවාදීමක් නොවන බවත්, වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස් ආයෝජකයන් සමග සම්බන්ධ වී ඇති බව සමරවීර මහතා පවසනවා.
2015 වසරේදී යහපාලන රජය විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා තැබූ ආරම්භය ඉදිරියට පවත්වා ගැනීමට වත්මන් රජය තීරණය කිරීම සතුටට කාරණයක් බවත්, ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදෙස් ආයෝජකයන් සමග එක්ව දියුණු කිරීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවයි මංගල සමරවීර මහතා පවසන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ