වර්තමානයේ රට පුරා කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමට ප්‍රධානත ම හේතුව පසුගිය උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ ආකාරයෙන් සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයමින් පවතින බව එමයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට අද වනවිට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන උපුල් රෝහණ මහතා පවසන්නේ හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ද දක්නට ලැබෙන බවයි.
ඉදිරි සති කිහිපය තුළ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ පවතින බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ