අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වීමට පෙර Youtube වෙත වීඩියෝවක් නිකුත් කරමින් සිය සමුගැනීමේ කතාව සිදු කළේ ය.
“අමෙරිකාව මට බොහෝ දේ ලබා දුන්නා. මට අවශ්‍ය වූවෙත් අමෙරිකාව වෙනුවෙන් යම් කිසි සේවයක් සිදු කරන්න . කොරෝනා මර්දනයට එන එන්නතක් නෙවෙයි අපි එන්නත් දෙකක්ම නිර්මාණය කළා. අවුරුදු ගණනක් වැය වන දෙයක් අපි මාස 9 යෙන් සිදු කළා. මම දැඩි සටන්වල නිරත වුණා . අමාරු බොහෝ දේවල්වලට මුහුණ දුන්නා . මොකද ඔබ මාව තෝරා ගත්තේ ඒ සඳහායි .දැන් මම අලුත් පරිපාලනයක් සඳහා බලය පැවරීමට සූදානම් වනවා මම මේ අභිමානවත් ස්ථානයෙන් පිටව යන්නේ ප්‍රීතියෙන්”
නව ජනාධිපතිවරයා දිව්රුම් දීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා වෙත පිටත්ව යාමට නියමිත ය.
ඒ අනුව 1896 වසරෙන් පසු නව ජනාධිපතිවරයෙකුගේ දිවුරුම් දීමේ උත්සවය මග හරිනු ලබන ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වනු ඇති .
ජනාධිපතිවරයා ලෙස සිටින අවසන් පැය කිහිපයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මූල්‍ය වංචා ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ පුද්ගලයින් 73 දෙනෙකුට ජනාධිපති සමාව දී තිබේ.
සමාව ලැබූවන් අතර ඔහුගේ හිටපු උපදේශකයෙකු වන ස්ටීව් බැනන් ද වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 70 දෙනෙකුට දී ඇති දඬුවම් වෙනස් කර ඇති බවය.
රැප් ගායකයෙකු වන ලිල් වේන්ට ජනාධිපති සමාව හිමිවී ඇති අතර රැප් ගායක කොඩැක් බ්ලැක්ට සහ නගරාධිපතිවරයෙකු වූ ක්වමේ කිල්පැට්‍රික්ට දී තිබූ දඬුවම් ලිහිල් කර ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්