කොවිඩ් ආසාදනයෙන් මියගිය බව පැවසෙන දින 21ක බිළිදෙකු ආදාහනය කිරීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.
බිළිඳා ආදාහනය කිරීම පිළිබඳ විමර්ශනයක් පවත්වන්නැයි සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම ගොනු කර ඇත්තේ.
පෙත්සම අද සලකා බලනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
කොළඹ තොටලග ප්‍රදේශයේ බිලිදෙකු දෙසැම්බර් 8 වනදා බොරැල්ල රිජවේ ළමා රෝහලේ දී මිය ගොස් තිබුණේ කොවිඩ් ආසාදනයෙන් බවයි වාර්තා වුණේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ