කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ පෙරහුරුවක් හෙට (23) සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු රෝහල් කිහිපයකදී මෙම එන්නත්කරණ පෙරහුරුව පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.
ඉන්දියාවේ නිෂ්පාදිත Oxford-AstraZeneca එන්නත මිලදී ගැනීමට දැනටමත් තීරණය කර ඇති අතර ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේද අනුමැතිය හිමිව තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ