දැනටමත් ලොව විශාලතම අධිවේගී දුම්රිය මෙහෙයුම්කරු වන චීනය පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක නව මූලාකෘතියක් එළිදක්වා තිබෙනවා.
එම නව වේගවත් දුම්රිය “මැග්ලෙව්” ලෙස නම්කර ඇති අතර, එම දුම්රිය ධාවනය කරනු ලබන්නේ චුම්බක සන්නායක රෝපිත රේල් පීලි මතය. මීටර් 21ක් දිගැති මුල් ආකෘති ය හා සමාන එම දුම්රිය පසුගියදා චීනයේ සිචුආන් පළාතේ චෙන්ගු නගරයේදී මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විණි.
එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් පර්යේෂකයින් විසින් නිමවා තිබෙනවා.
වසර තුනක් හෝ හතරක් තුළ මෙම දුම්රිය භාවිතයට ගත හැකි බවට චීනය විශ්වාස කරනවා.
More Stories
චීන ජනපති සහ සිංගප්පූරු අගමැති අතර හමුවක්
සමස්ත ලෝකය සමග චීන සංවර්ධන අවස්ථාවන් හුවමාරු කර ගැනීමට චීනය සූදානම්—චීන ජනපති
ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල සහයෝගතා සංගමය පිහිටුවයි