කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී.යුරෝසන් නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා යානා යොදවා තිබෙනවා.
අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදීයි එම නෞකව අනතුරට ලක්වුණේ.
නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් ඊයේ රාත්‍රියේ දී එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා.
නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රිය ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටින බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ අමුද්‍රව්‍ය මෙට්‍ර්ක් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍ර්ක් ටොන් 720 ක ප්‍රමාණයක් ගබඩා කර තිබුණා.
නෞකාවට සිදුව ඇති හානිය සහ ඉන්ධන කාන්දුවක් සිදුව ඇත් ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ