හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ පවත්වන ලද විවාහ මංගල්‍යය දෙකක මනමාල යුවල දෙකකට කොවිඩ් 19 ආසාදිත බවට හදුනාගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසනවා.
මින් පාදුක්ක වටරැක ප්‍රදේශයේ පැවැති එක් විවාහ මංගල්‍යයක, උත්සව අවස්ථා තුනක් පවත්වා ඇති බවත්, ඉන් අවස්ථා දෙකකට පමණක් අදාළ අවසර ලබා ගෙන ඇති නමුත් අනෙක් අවස්ථාව අවසරයක් නොමැතිව පවත්වා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම ආසාදිත විවාහක යුවල විවාහ මංගල්‍යයේ පළමු දිනය කඩුවෙල රණාල ප්‍රදේශයේ නිවසකත්, දෙවෙනි දිනය පාදුක්ක මීපේ ප්‍රදේශයේ හෝටලයකත්, අනෙක් උත්සවය පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසකත් පවත්වා ඇති අතර එම උත්සව තුනෙන් පසු අදාළ මනමාල යුවල නුවර එළිය ප්‍රදේශයේ හෝටලයක මධුසමය සඳහා ගොස් තිබෙනවා.
එහිදී ඇති වූ අසනීප තත්වයක් මත සිදුකල PCR පරීක්ෂණයකදී එම දෙදෙනාම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ උත්සව තුනටම සහභාගී වූ පවුල් 100 කට වැඩි පිරිසක් නිරෝධායනයට කටයුතු කරමින් සිටින බවද ප්‍රියන්ත විජේසූරිය මහතා පවසනවා.
අනෙක් කොවිඩ් 19 ආසාදිත මනාල යුවල හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක විවාහ උත්සවය ගෙන ඇති අතර එම දෙදෙනාද ඇති වූ රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකල PCR පරීක්ෂණකට අනුව ඔවුන්ද කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා.
එම විවාහ මංගල අවස්ථාවට සහභාගී වූ මනමාලයාගේ පාර්ශවයේ 25 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණයේදී , 12 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ඇති බවද සඳහන්.
ඒ අනුව මොරගහහේන ප්‍රදේශයේ පදිංචි මනමාලියගේ පාර්ශවයේ මංගල්‍යයට සහභාගී වූ පිරිස සහ අදාළ උත්සව ශාලාවේ සේවකයින් කිහිප දෙනෙකුද PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කිරීමට නියමිතයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ