කටුනායක ගුවන්තොටුපොල විවෘත කිරීමට සමගාමීව මත්තල ගුවන් තොටුපොලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සූදානම් වනවා.
කටුනායක ගුවන් තොටුපොල සංචාරකයින් සදහා අගෝස්තු මස පළමුවනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.
ගුවන් තොටුපොල විවෘත කිරීම සදහා අවශ්‍ය අති නවීන සමේ උෂණත්වය හදුනා ගැනීමේ කැමරා උපකරණ, නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂණත්වමාන, විශේෂිත මුහුණු ආවරණ, අත්වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමට ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රුපියල් මිලියන 45 ක් වටිනා මෙම උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමට ප්රදානය කළේ සංක්‍රමණිකයින් සදහා වන ජාත්‍යන්තර සංවිධානයයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මත්තල ගුවන් තොටුපොල ද සංචාරකයින් සදහා විවෘත කිරීම සම්බන්ධයෙන් ගුවන් සමාගම් සමග දැනටමත් සාකච්ඡාකර ඇති බවයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ