පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.
එහිදී තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහළට ඇතුළත් කල අවස්ථාවේදී මියගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ලකල පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ