එම්.වී. යුරෝසන් නෞකාවේ අනතුරින් රාවණා කොරල් පරය ආශ්රිත සංවේදී කලාපයට හානි සිදුව ඇත්දැයි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ඒ සඳහා නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇති බවයි.
එම කලාපයට යම් හානියක් සිදුව ඇත්නම් වන්දි ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ සලකා බලන බව ද සභාපතිවරිය ප්‍රකාශ කළා.
බුඩාබි සිට ත්‍රීකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පෙරේදා පෙරවරුවේ අනතුරට ලක් වුණේ හම්බන්තොට, කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළ ගල් පරයක ගැටීමෙන්.
මීටර 180 ක් දිගැති මෙම නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු එහි සිට තිබෙනවා.
මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ