සමගි ජන බලවේගයේ විධායක සභික රැස්වීම හා තමා සම්බන්ධ ව්‍යාජ පුවත් ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා පවසනවා.
සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සදහන් කළේ සමගි ජන බලවේගයේ විධායක සභික රැස්වීම සදහා තමා ඊයේ සහභාගි වු බවයි.
සමගි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එහි විධායක සභාව තමාගෙන් විමසූ අතර තමා හා තම කණ්ඩායම ඊට පූර්ණ එකගත්වය පළ කළ බවද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.
ඒ අනුව තමාට පැවරෙන වගකිම් පිළිබද ඉදිරියේදි දැනුම් දෙන බවට සමගි ජන බලවේගයේ විධායක සභාව දැනුම්දුන් බවද අදාල ෆේස්බුක් සටහනේ සදහන්.
මෙම කරුණ අවබෝධ කර නොගත් පිරිසක් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සදහන් කර ඇති බවයි මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කියා සිටියේ.
” මා ඇතුලු මා සමඟ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමඟි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව මා වෙතින් විමසා සිටි අතර මම ඒ සඳහා මාගේ පූර්ණ එකඟත්වය පළ කළෙමි.
ඒ අනුව එම බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ හමුවේදී සමඟි ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය තුල මා විසින් ඉටුකල යුතු වගකීම් කවරේද යන්න පිලිබඳව සාකච්ජා කොට දැනුම් දෙන බව විධායක සභාව විසින් මා වෙත දැනුම්දෙන ලදි.
පසුගිය මහමැතිවරණයේදී මා වෙත ඡන්දය ප්‍රකාශ කල ජනතාව නියෝජනය කරනුයේ සමඟි ජනබලවේගයේ දේශපාලන මතයයි.
ඒ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, නිදහස් සහ ප්රජාතන්ත්රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා සමඟි ජන බලවේගයේ නායකත්වය සහ එහි සහෝදර සාමාජිකත්ව කණ්ඩායම සමඟ ඉදිරියටද ක්‍රියාකරන බව දැනුම්දීමට කැමැත්තෙමි. ”
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ