ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට මෙරටට ගෙන්වීමට නියමිතයි.
එන්නත් තොගය භාර ගැනීමේ අවස්ථාවට ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන බව ජනාධිති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළා.
පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේ එන්නතේ මාත්‍රා ලක්ෂ 5 ක් ලැබීමට නියමිත බවයි.
ඉන්දීය ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් රැගෙන එන එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත රැගෙන යන අතර ලබන සිකුරාදා ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් එන්නත්කරණය ආරම්භ කෙරෙන බවයි ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ