චීන සහ රුසියා එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමටත් සාකච්ඡා

චීනය සහ රුසියාව නිෂ්පාදනය කරන කොවිඩ් මර්ධන එන්නත් මෙරටට ප්‍රදානයක් ලෙස ලැබීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සකසා ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා.

අත්හදාබැලීම් තත්වයේ පවතින එම එන්නත් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දීමෙන් පසුව එම ප්‍රදානයන් හිමිවනු ඇති බවයි ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 2 ක් පමණ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු ද ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com