කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් 49%ක් ඉන්දීයානු අදානි සමාගම ඇතුළු පාර්ශ්වයන්ට ලබාදීමට එරෙහිව බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
ඊයේ (26) පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය ප්රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සමාගමක් බවට පත්කරලා කොටස් වෙළඳපොලට නිකුත් කරලා ඒක වරාය අධිකාරියට අහිමි කිරීමේ සැලසුමක් පිළිබඳව අපට තොරතුරු ලැබුණා. අන්න ඒ නිසයි විශේෂයෙන්ම මේ කමිටුව රැස්වුණේ. තීරණයක් ගත්තා මේ සිකුරාදා සිට බරපතළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදිහට.
100% අපි සතුව තියාගෙන ඇයි අපි 51%කට ට්‍රයි කරන්නේ ? එනිසා අපට මෙතන තියෙන්නෙ 51% හෝ 49% ගැන කතාකිරීම නෙමෙයි. අපට මෙතෙන තියෙන්නෙ 100% පිළිබඳව කතාකිරීම. මේ හදන්නෙ ශ්‍රී ලංකා වරාය අධිකාරිය බෝඩ් ලෑල්ලකට පමණක සීමා කිරීමට. ඒක නොවෙන්න කළහැකි කළයුතු සියලුම දේවල් අපි කරනවා” යනුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා එහිදී අදහස් දක්වමින් “සඳුදා ඇමති මණ්ඩලයේදී ජනතාව රටවන ආකාරයේ වෙනත් මගඩියක් කරන්න හදනවද කියලා ප්‍රශ්නයක් අපට දැන් තිබෙනවා. මොකද මේ සටනේදී ඉදිරිපත් කරපු මතවලට ආණ්ඩුවට කට උත්තර නැතුව ගියා. ආණ්ඩුවට සිද්ධ වුනා උත්තර බඳින්නන් බවට පත්වෙන්න. ඒක මේ සටනේ එක ජයග්‍රහණයක්. නොකර සද්ද වැඩේ කරන්න තමා වැඩපිළිවෙල තිබුණෙ.
දැන් අද තීරණයක් ගත්තා සිකුරාදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්න. වෘත්තීය සමිති කියලා මෙතෙක් අපි කළේ මත පළකරන ඒවා විතරයි. ප්‍රබල ක්‍රියාමාර්ගවලට ගියෙ නෑ. එතකොට වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට ප්‍රබල ක්‍රියාමාර්ගවල ආරම්භය සිකුරාදා ගන්න අපි තීරණය කළා. ඒවගේම ඉදිරියේදී දැවැන්ත විරෝධතා සමූහයක් රටපුරාම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම අද හැදුවා. ඒ සැලසුම අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ තීරණයක අපි ඉන්නවා, ආරම්භය සිකුරාදා ගන්නවා වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට” යැයි ප්‍රකාශ කළේය.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි