පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් එහි කාර්ය මණ්ඩලය අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කරන අතර එම අවස්ථාවන්ට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය ඇතිව පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හීදී මෙන් ම, නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිත ය.
මේ අතර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයෙකු වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා ස්වේච්ඡාවෙන් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලට ඉදිරිපත් වී ඇති අතර ඔහු ආසාදිතයෙකු නොවන බව වේත්‍රධාරීවරයා ප්‍රකාශ කළේය.
2021 ජනවාරි මස 13 වන දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩ සටහන් යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වන දින පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට