වරාය වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් වරාය වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

වරාය සේවකයින් 9900 ක පමණ පිරිසක් ඊට දායක වන බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කලේ.

අද දහවල් 12 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා කියා සිටියේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com