ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 963 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් මේ දක්වා සුවය ලබා ඇති මුලු ගණන 55 දහස් 398 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5891 ක්.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 892 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාධිතයන් ගණන පවතින්නේ 61 දහස් 586 ක් ලෙසයි.
මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 57 දහස් 630 ක්.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 720 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් ආසාධිත මරණ 297 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ