කොවිඩ් එන්නත ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාවක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය G.L පීරිස් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවයි ඔහු පැවසුවේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා බැලීම සඳහා පාසල් කිහිපයක අද (29) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන් ම, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පෙබරවාරි මස 15 වන දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා.
එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් මේ වන විට විවෘත කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ