බලයෙන් හිස උදුම්මාගෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට උත්සාහ කළොත් වත්මන් රජයට එහි ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා අනතුරු හඟවයි.
“අපි ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා ආපු ආණ්ඩුවක්. අපට එහෙම අයිතියක් නෑ මේවා කරන්න. ඒ නිසා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කන්දෙන්න”
ප්රශ්නය – ඒ වුණාට කට්ටියක් කියනවානෙ මේක දෙනවාමයි කියලා ?
“ඒ ගොල්ලො ඉතිං කියයි. දෙනවාම කියලාත් කියයි. නමුත් ඉතිං ඒවාවල ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි. මොකද හේතුව, ජනතාව මෝඩ නෑ. ජනතාව මහින්ද රාජපක්ෂ කියන යුද්ධෙ දිනපු ඒ මහා නායකයාව 2015 පැරැද්දුවා. ඊට පස්සෙ අවුරුදු දෙකක් ගන්න ගියෙ නෑ, යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකෙන් පැරැද්දුවා. ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියෙත් නෑ. ඉතිං ඒක නිසා එහෙම බලයෙන් ඉදිමිලා, බලයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ