නැති බලයක් ඉල්ලන මැතිවරණ කොමිසම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඇති කමිටුව වෙත නව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අතර,

ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.
පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.
සෑම මැතිවරණ අපේක්ෂකයෙක්ම මැතිවරණ සඳහා අදායම් වියදම් ප්‍රකාශනයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීම එය ප්‍රසිද්ධියට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරීම සහ එය සාවද්‍යනම් ඔහුගේ ඇයගේ මන්ත්‍රීධුරය / සභිකධුරය අහෝසි කිරීම.
පරාජිත අපේක්ෂකයෙක්නම් මැතිවරණ වරදක් සේ සලකා කටයුතු කිරීමේ බලයක් මැතිවරණ කොමිසම වෙත ලබා දීම.

ආදී කරුණු වනවා. සම්පූර්ණ යෝජනාවලිය පහතින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com