කොළඹ වරාය බේරාගන්න ආණ්ඩුවේ පක්ෂ 10ක් එක්වෙයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක් අද පැවැත්විණි. ඒ ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිළ නිවසේදීය.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයන් සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා සඳහන් කළේ නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය සතුව පැවතිය යුතු බවත්, ‍එය වෙනත් පාර්ශ්වයකට ලබාදීමට එරෙහිව තමන් ඇතුළු කණ්ඩායම පෙනෙී සිටින බවත්ය.

මේ සම්බන්ධයෙන් ලබන සතියේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බවත්, එහිදී තමා ඇතුළු කණ්ඩායමේ තීරණය සෘජුව දැනුම් දෙන බවත් ඇමතිවරයා පවසනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com