කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම හැර වෙනත් ආණ්ඩුවට විසඳුමක් නොමැති නම් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා.
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විදෙස් බලපෑම් එල්ල වන්නේ නම් ඒ සඳහා හොඳම විසඳුම ජනමත විචාරණයක් පැවැත්වීම බවයි කාදිනල්වරයා අවධාරණය කරන්නේ.
මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ නියෝජිතයන් කාදිනල්වරයා හමුවීමට පැමිණි අවස්ථාවේදී මේ බව පවසා තිබෙනවා.
මෙම යෝජනාව තමා ආණ්ඩුවට දැනුම් දෙන බව කාදිනල්වරයා එහිදී විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ නියෝජිතයන්ට පොරොන්දු වී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ