ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙන්නේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රශ්නයට අදාළව වරාය වෘත්තීය සමිති විසින් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අනතුරු හඟවමින් පවතින මොහොතක වීම විශෙෂත්වයකි. අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කෙරුණු සේවාවන්හි වැඩවර්ජන වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීම නීතිවිරෝධී වේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්