මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය සදහා වූ ජාතික ලීගයේ (NLD) නායිකාව වන අවුන්සාන් සුකී එරට හමුදාව විසින් නැවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා .මේ හේතුවෙන් මියන්මාරය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා පැවති මහමැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවශ්‍ය ආසන ප්‍රමාණය ද හිමි වුණා.නමුත් හමුදාව පවසන්නේ මැතිවරණය සාධාරණ නොවන බවයි. අද දින එරට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබිය දී මෙලෙස හමුදා පාලනය සමග වසරක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට ඇතැම් මාධ්‍ය නාලිකා ද අවහිර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.එමෙන්ම අන්තර්ජාල සබදතා ද අවහිර වී ඇති බව වාර්තා වනවා.ඒ හේතුවෙන් බැංකු මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 1989 සිට වසර 15 ක් නිවාස අඩස්සියේ සිටි අවුන්සාන් සුකී මානව හිමිකම් වෙනුවෙන් හඩ නැගූ නොබෙල් සාම ත්‍යාගය පවා දිනා ගත් නායිකාවක් ද වනවා.ඇය සමග රාජ්‍ය නිළධාරින් සහ සිවිල් සමාජ නායකයින් රැසක් ද රදවා ගෙන සිටින බවට වාර්තා වනවා.
මේ වන විට හමුදා ප්‍රධානී මින් අවුන්ග් මියන්මාරයේ පාලනය සදහා අණ ලබා දෙන බව ද වාර්තා වනවා. ඔහු රෝහින්යා මුස්ලිම් ප්‍රජාවට කුරිරු ලෙස සැලකූ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ අයෙකු ලෙසයි සැලකෙන්නේ.
මේ සිද්ධිය පිළිබඳ වාර්තා වීමත් සමග ලෝක නායකයින් මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නිවේදන නිකුත් කර තිබෙනවා .ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් සියලු දෙනා නිදහස් කරන ලෙසත් ,ප්රජාතන්ත්රවාදයට ඉඩ ලබා දෙන ලෙසත් දන්වා තිබෙනවා.
ජනතාවගේ ඡන්දයට ගරු කළ යුතු බවත්, සිවිල් නායකයින් නිදහස් කරන ලෙසත් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව ද නීතිවිරෝධී සිරගත කිරීම හෙළා දකින බව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මියන්මාරයේ සිවිල් නායකයින් රඳවා තබා ගැනීම තරයේ හෙළා දුටුවේ, වසරක් තිස්සේ රට පාලනය කරන බව හමුදාව නිවේදනය කිරීමත් සමඟ යි.සියලුම ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල හමුදාවට පවරා ඇති බවට කරන ප්‍රකාශය පිළිබඳව ඔහු “දැඩි කනස්සල්ල” පළ කර තිබෙනවා .
කොරෝනා වසංගතයේ බලපෑම් සමග ඇති වූ මෙම තත්ත්වය මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණවලට බරපතල තර්ජනයක් වන බවයි විදෙස් විචාරකයන් පවසන්නේ.
-ධීරේ-
More Stories
චීන ජනපති සහ සිංගප්පූරු අගමැති අතර හමුවක්
සමස්ත ලෝකය සමග චීන සංවර්ධන අවස්ථාවන් හුවමාරු කර ගැනීමට චීනය සූදානම්—චීන ජනපති
ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල සහයෝගතා සංගමය පිහිටුවයි