ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,000කට වැඩි සංඛ්‍යාවකට ලබාදී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කලා.
ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට එම එන්නත ලබා දී තිබෙනවා.මේ වන විට දෛනිකව එම එන්නත ලබාදෙන අතර කොරෝනා ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට එන්නත ලබාදීම සිදුකරනු ඇති.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට