පකිස්තානු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා නිළ සංචාරයක් සඳහා පෙබරවාරි 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.
ඒ අනුව කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණෙන පළමු රාජ්ය නායකයා වනු ඇත්තේ පකිස්තානු අගමැතිවරයායි.
දෙදින නිළ සංචාරයක් සඳහා ඉම්රාන් ඛාන් මහතා මෙරටට පැමිණෙන අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට