ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් 826 දෙනා අතුරින් 212 දෙනෙකු සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ගම්පහ 132 ක්, මහනුවර 131 ක්, කුරුණෑගල 78 ක්, කලුතර 62 ක්, මාතලේ 37 ක්, ගාල්ලේ 29 ක් සහ රත්නපුර 28 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
නුවරඑළියේ 20 ක්, බදුල්ලේ 15 ක්, කෑගල්ලේ 14 ක්, අනුරාධපුර 14 ක්, පුත්තලමේ 10 ක්, මොණරාගල 06 ක් සහ යාපනයේ 06 ක් ඊයේ ආසාධිතයන් අතර වුණා.
අම්පාරේ 04 ක්, හම්බන්තොට 04 ක්, ත්‍රිකුණාමලයේ 04 ක්, වව්නියාවේ 03 ක්, මාතර 03 ක්, පොළොන්නරුවේ 02 ක් සහ මඩකලපුවේ 02 ක් ද ඊයේ ආසාධිතයන් අතරට අයත්.
අනෙක් 10 දෙනා විදේශයන් හි සිට පැමිණි අයයි.
නව මරණ හතක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට