ඉදිරි වසර 02 සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරී මණ්ඩලය තෝරා ගැනීම සඳහා වන නිලවරණය ලබන මැයි 20 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඒ සඳහා වන අයදුම්පත් භාරගැනීම ලබන 24 වනදා පස්වරු 03 යි 30 ට අවසන් කෙරෙන බවයි.
සභාපතිවරයෙකු / උප සභාපතිවරුන් දෙදෙනෙකු / ලේකම්වරයෙකු / සහකාර ලේකම්වරයෙකු / භාණ්ඩාගාරිකවරයෙකු සහ සහකාර භාණ්ඩාගාරිකවරයෙකු තෝරා ගැනීම සඳහායි මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ.
ඡන්ද විමසීම මැයි 20 වනදා පෙරවරු 10 යි 30 ට ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්