කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.
ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු පසුගියදා අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ මධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඒ අතරින් 03ක් නේවාසිකාගාරවල රැඳී සිටි අය වන අතර අනෙක් දෙදෙනා බාහිර නවාතැන්වල රැඳී සිටින අය බව කැලණිය විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය සඳහන් කළා.
ආසාදිත සිසුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 24 දෙනෙකු අද (05) දිනයේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කර ඇති නමුත් ඉන් කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී නොමැති බවට හඳුනාගෙන තිබෙනවා. (
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ