ලාදුරු යලිත් හිස ඔසවන ලකුණු

ලාදුරු රෝගය මෙරට තුල යලි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ අනුව ගත වූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ලාදුරු රෝගය ලෝකයේ පැරණිතම බෝ වන රෝගයයි.

මෙරට පළමු රෝගියා වාර්තාවන්නේ වර්ෂ1708දී බස්නාහිර පළාතෙන්.

මේ වැළඳෙන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හරහා පැතිරයාමත් සමඟයි.

කෙසේ වෙතත් මේ වන විට ලාදුරු මෙරටින් තුරන්ව ඇති බවට මත පළ වුණත් තවමත් එය ලංකාවේ පවතිනවා.

මෙම ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ ලෙස නාසය අවහිරවීම, කටහඬ වෙනස්වීම, නිතර නාසයෙන් දියර ගැලීම, නාසය පටක ඉදිමීම පෙනුම් කරනවා.

කිවිසුමකින් පිටවන ශ්‍රාවයක් සම මත ස්පර්ශවීමෙන් වැළදෙන ලාදුරු රෝගය අවසන් වන්නේ ප්‍රබල ස්නායු දුර්වලවීමකට ගොදුරු කරමින්.

ලාඳුරු යනු තවදුරටත් අත් පා වල ඇඟිලි අහිමිවන ප්‍රතිකාරයක් නැති රෝගයක් නෙවෙයි.

එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න අයෙකුගෙන් තව කෙනෙකුට බෝ වීමේ අවදානම අඩුයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com