බස්නාහිරින් පිට ප්‍රදේශ වල කොවිඩ් පැතිරීමේ වැඩි අවදානමක්

බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දැක්වූයේ මෙලෙසින්,

“බස්නාහිරින් 50%කට වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් තමයි දැන් වාර්තා වෙන්නේ. ඒ කියන්‌නේ 60% මට්ටමට රෝගීන් වෙනත් පළාත්වලින් වාර්තා වෙන්නේ. දැන් මාසයකට දෙකකට කලින් මේක තිබුණේ 15%ත් 20%ක් වගේ. අද වෙන විට 60%ක් විතර රෝගීන් වාර්තා වෙන්නේ ඉතාම පැහැදිලිව බස්නාහිරින් පිට තියෙන පළාත්වල. සමස්තයක් ලෙස ඊයේ, පෙරේදා දිනයන්ගෙන් රෝගීන් වාර්තා වුණේ ‌දිස්ත්‍රික්ක 21කින්. ඒ අනුව මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්, එකතැනක අවදානම අඩුවෙනකොට තව තැනකින් ඒ කියන්නේ, දෙගුණ තෙගුණයක් වගේ අවදානමක් මතුවෙන ස්භාවයක් තමයි තියෙන්නේ. ඒ හින්දා රට තුළ සමස්තයක් ලෙස කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ඒ අවදානම දවසින් දවස වැඩිවෙනවා කියන ඒක තමයි යථාර්ථය.

ඒ වගේම ප්‍රතිකාර මධස්ථානවල ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් පසුගිය කාලය තුළ දිගටම අපි කතා බහ කළා. දැනටත් ඒ ප්‍රශ්නය තියෙනවා. ඒ හින්දා තමයි අපිට දිගටම හෙළිදරව් කරන්න වුණේ. විශේෂයෙන්ම ජාතික රෝහල ඇතුළුව රෝහල් පද්ධතියේ, ප්‍රධාන රෝහල්වල කොවිඩ් කියලා දැනගන්න සංකූලතා ඇති රෝගීන්ව අපිට යොමුකරන්න තියෙන තැන් පිළිබඳව අපිට දැඩි අර්බුදයක් මේ මොහොතෙත් තියෙනවා. අපේ සාමාන්‍ය පද්ධතිය රැකගෙන යනකොට අපිට මතුවෙලා තියෙන අභියෝගයක් ඒක. ඉතින් ඒක සඳහා අපේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කරන්න අවශ්‍යයයි. කොහොමද අපි මේ තත්ත්වය කළමණාකරනය කරන්නේ. මේ රට තුළ තියෙන තත්ත්වය විශේෂයෙන්ම 700යි 800යි වාර්තා වෙන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ තත්ත්වය යම් අවදානම් තැනක තමයි තියෙන්නේ.“

WP Twitter Auto Publish Powered By : XYZScripts.com