මහියංගනය රඹකැන් ඔය ආශ්රිත අක්කර 5000 ක භූමියක් බඩඉරිඟු ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ තීරණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන් විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මහවැලි අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාල පෙත්සමේ සඳහන් වන්නේ.
මෙම භූමි ප්‍රදේශය සිය ජනතාවගේ නිජබිම් ලෙස වසර සිය ගණනක් තිස්සේ පැවති බව පෙන්වා දෙන ආදිවාසී නායකයා පෙත්සමෙන් අවධාරණය කරන්නේ මෙම ඉඩම් වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබාදීම හේතුවෙන් තම ප්‍රජාවගේ ජීවනෝපාය අහිමි වී ඇති බවයි.
වනජීවී අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ