දශකයකට වැඩි කාලයක් තුළ මියන්මාරය විශාලතම විරෝධතාව දැක ඇති අතර, දස දහස් සංඛ්‍යාත ජනතාව හමුදා කුමන්ත්‍රණයට එරෙහිව පෙළ ගැසී තේරී පත් වූ නායක අවුන් සාන් සූ කී නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි.
ඊයේ දිනයේදී අවුන් සාන් සුචී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ පාක්ෂිකයන් ඇතුළු විරෝධතාකරුවන් එරට යැංගුන් ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීය. විරෝධතාකරුවන් බහුතරයක් රතු පැහැති කමිසවලින් සැරසී විරෝධතාවය සඳහා එක්ව සිටි අතර මෙම විරෝධතාවය එරට තුළ 2007 වසරට පසු පැවති දැවැන්තම විරෝධතාවය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
නැවතත් මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් විරෝධතාකරුවන් අවධාරණය කරනවා.
මේ අතර අන්තර්ජාල සබඳතා මුළුමනින්ම අත්හිටුවීමට හමුදා පාලනය කටයුතු කර තිබිණි. කෙසේ නමුත් පැය 24 ක් ඉක්ම යද්දී නැවතත් අන්තර්ජාල සබඳතා යථා තත්වයට පත් කිරීමට තීරණය කර තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය, වෙනත් මානව හිමිකම් සංවිධාන හා ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි බලපෑම හේතුවෙනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ